Saturday, May 31, 2014

Electronic Principles Part 03 (Type of Variable Resistors)

   විචල්‍ය ප්‍රතිරෝද වර්ග දෙකකි.
i.ලඝු ආකාරය (Log Type)
ii.රේඛිය ආකාරය (Linear Type)
ඉහත ලඝු ආකාරයේදී ප්‍රතිරෝදය විචලනය වන අකාරය මෙසේ දැක්විය හැක. එක් සමාන කෝණයක් තුලදී 10 ohms ප්‍රතිරෝදයක් පෙන්වයි නම්, අනෙක් සමාන කෝණයක් තුලදී 25 ohms පෙන්වයි නම්, නැවත එම සමාන කෝණයක් තුල 48 ohms පෙන්වයි නම්, එනම් මෙම විචල්‍ය ප්‍රතිරෝදය සම ප්‍රමාණ වලින් අඩුවී නොමැති හෙයින් මෙය ලඝු ආකාරය නොහොත් Log type යනුවෙන් හදුන්වනු ලබයි.




ඉහත රේඛිය ආකාරයේදී සමාන කොණ තුලදී ප්‍රතිරෝදයෙහි විචලනය වීම නොහොත් වෙනස් වීම සමාන ආකාර ලෙස සිදුවී ඇත්නම් එය රේඛිය නොහොත් Linear Type යනුවෙන් කියනු ලබයි.

a b

Wednesday, May 21, 2014

Electronic Principles Part 02 (Resistors)

ප්‍රතිරෝද(Resistors)
ප්‍රතිරෝදයක්  යනු යම් සංනායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් වශයෙන් ඉලෙක්ට්‍රෝන ගලා යෑමේදී ඇති වන ප්‍රතිවිරෝදී බලයයි.
                                         ප්‍රතිවිරෝදී බලය

ප්‍රතිරෝද ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ වර්ග කරනු ලබයි.

i. ස්ථිර ප්‍රතිරෝද (fixed Resistors)

ii. විචල්‍ය ප්‍රතිරෝද (Variable Resistors)



   මෙහි ස්ථිර ප්‍රතිරෝදයක් යනු, යම් සංනායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමේදී ඇතිවන ප්‍රතිවිරෝදී බලය ස්ථිර අගයක් ගනී නම් (වෙනස් නොවේනම්) එය ස්ථිර ප්‍රතිරෝදයකි.

 යම් හෙයකින් සංනායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමේදී ඇතිවන ප්‍රතිවිරෝදී බලය අඩු වැඩි කල හැකි නම් එය විචල්‍ය ප්‍රතිරෝදයක් වශයෙන් හදුන්වයි.

Electronic Principles Part 01 (Components)

Components
ලොව ඇති ඕනෑම electronic උපකරණයක් open කර බැලු විට ඒවා කුඩා උපාංග නොහොත් components වලින් තැනී බව පෙනීයයි. එම උපාංග කොටස් දෙකක් යටතේ වර්ග කරනු ලබයි.

1. සක්‍රිය උපාංග (Active components)
2. සක්‍රිය නොවන උපාංග (Passive components ) 

සක්‍රිය උපාංග (Active components)
  • ඩයෝඩ් (Diode)
  • ට්‍රාන්සිස්ටර් (Transistors)
  • I C (integrated circuit)

සක්‍රිය නොවන උපාංග (Passive components ) 
  • ප්‍රතිරෝද (Resistor)
  • ධාරිත්‍රක (Capacitors )
  • ප්‍රේරක (Inductors )
  • පරිනාමක (Transformers)